À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිහතරවැනි කොටහා

A+ A-

” අ හා මන් බය වුනා නිලූෂ. “

ඉස්කෝලේ යන්න ලෑස්ති වුනු මන් පැටියගේ කමිසේ අන්ද අන්ද හිටියේ බර කල්පනාවක වෙද්දී පිටි පස්සෙන් අත් දෙකක් ඇවිදිල්ලා මාව වෙලා ගනිද්දි මන් බය වුනේ දොර අරින වහන සද්දයක් වත් ඇහුනු නැති නිසා.

” ම් පැටියගේ කොලෝන් බෝතලේ ඉවර කරලා වගේ මයේ හාමු “

” තාම ලෑස්ති නෑද කැම්පස් එකට යන්ට”

” දහයට තියෙන්නේ අද එද්දි නම් මන් පහ විතර වෙයි “

එහෙනම් හවස් වෙනකම් මට‍ පැටියා තියා ගන්ට වෙයි ඉස්කෝලේ.

” ඉස්කෝලේ ඇරලා මන් ඔයා එනකම් ඉන්නම්. ”

” එපා එපා ගෙදර ඉක්මනට එන්න හාමු”

එයා එපා එපා කියෙලා කියද්දී මන් හැරුනේ එයාගේ පැත්තට.

” මන් එනවට කැමති නෑද දැන් “

” මන් එන්නම්. මයේ හාමු එහෙනම් ඇවිදිල්ලා ඉන්නකෝ. “

එහෙම කියපු නිලූෂ නුරාදවත් වඩා ගෙන කන්නාඩිය ඉස්සරහට ගිහින් පුටුවේ උඩින් ඉන්දලා ඔලුව පීරන්න ගත්තේ මාත් කන්නාඩිය ඉස්සරහට යද්දි.

මන් පැටියා එක්කලා ඉස්කෝලෙට ආවේ ජාතික ගීයත් පටන් ගෙන තියෙද්දි .

” සර් මොකෝ අද පරක්කු. ”

ගුරු කාමරේට ගියපු මට‍ දොර ළගදි හම්බුනේ එහා පන්ති භාර මිස්.

” දන් නැද්ද මිස් ටිකක් පරක්කු වුනා “

එහෙම කියෙලා මන් එන්න ආවේ ඇතුළට.  දැන් කතා කර කර ඉන්න පුළුවනැයි.

” කොහෙවත් දුවන් නැතුව සන්කොටේ මේ චිත්‍රෙ ඇද ඇද ඉන්න ඕනී “

ආපු නැති ළමයෙකුගේ පුටුවකින් වාඩි කොරෝපු නුරාදට එයාගේ පොතයි පාට කූරු ටිකයි දීලා උගන්නන්න පටන් ගත්තා. අද ඉස්ඉස්සල්ලාම මට‍ තියෙන්නේ හයේ පැන්චෝ ටිකකට උගන්නන්න.

” කොතනින්ද පුතේ පාඩම ඉවර කරේ “

” සර් ගෙදර වැඩ බලන් නෑද ”

මන් අර දරුවගේ පොත අරන් බල බල ඉද්දි එහා පැත්තේ හිටපු චූටි කෙල්ල ගෙදර වැඩ මතක් කරාමයි මට‍ එදා දීපු වැඩ මතක් වුනේ.

විනාඩි විස්සක් විතර පාඩම උගන්නලා උගන්නලා නුරාද ළගට ගිහිල්ලා බැලුවේ එයා අදින චිත්‍රෙ දිහා.ලොකු කෝටු කිතයියෙකුයි පොඩි කෝටු කිතියෙකුයි ලොකු ගහක් යට.  ඊට ටිකක් එහාට්ට වෙන්න චූටි ඇලක්. ලොකු කෝටු කිතයියාගෙ ඔලුව උඩින් කොන්ඩේ ගෙඩියක්.  මයේ පුතාට අපූරු අපූරු අදහස් තමයි එන්නෙ.

” කව්ද පැටියෝ මේ “

එයාගේ ගානට නැමිලා මන් නිකමට වගේ ඒ රූපවල් දෙකට ඇගිල්ල තියෙලා අහද්දී කොල්ලා එතැන ඉන්න පොඩි කෝටු කිතයියව ඇගිල්ලෙන් පෙන්නලා එයාගේ පපුවට හෙමින් හෙමින් ගහ ගෙන බිම බලා ගත්තා.  එයාගෙ අතින් කමිසේ මිරිකෙද්දී මන් පැටියව අරන් වඩා ගත්තේ එයත් මාව තදේට බදන් ඒ මූණ මයේ බෙල්ලේ අස්සේ ගහ ගද්දි.

” ළමයි පොත් ටික එක එක්කෙනා ගේන්න.  ගෙදර වැඩ ටික බලන්න “

පැටියවත් වඩා ගෙන රතු පෑනත් අරන් මන් ගියේ ගුරු පුටුවෙන් වාඩි වෙන්න.
මොකක් හරිම කියන්න තියෙන දෙයක් කියා ගන්ට බැරි වෙනකොට වෙනදා වගේම මයේ පපුව අස්සේ මූණ ගහන් හිටියේ මන් එක අතකින් පැටියවත් තුරුල් කරන් අනිත් අතින් පොත් ටික බල බල ඉද්දි.

        …………………………………..

මන් කැම්පස් එකට යන්න කලින් ගියේ කඩේකට. එක එක වර්ගයේ ඇල්බම් ගොඩ ගහලා තියෙද්දි එකින් එක අතට අරන් බලලා ගොඩක් ලොකුත් නැති ටිකක් විතර පොඩි හුරු බුහුටි ඇල්බම් එකක් ගත්තේ අපි තුන් දෙනාගේ යාපනේ ගියපු ෆොටෝ ටික දාන්න.

” සර්ගෙ ගෑන් ළමයට දෙන්නද මේක ගත්තේ ”

මයේ ළගට ආපු කෙල්ලෙක් එහෙම ඇහැව්වේ මන් ඒ ඇල්බම් එක දිහා බලන් එදා මයේ හාමුගේ ඉස්ස ඉස්සල්ලාම කට කාපු දවස මතක් කර කර ඉන්නකොටයි.

” නෑ ඇයියේ එහෙම ඇහැව්වේ “

” මන් හිතුවේ සර් සර්ගේ ගෑනු ළමයට දෙන්න ඕක ගන්නවයි කියෙලා. එහෙම ගන්නව නම් අර පැත්තේ එයාලට ගන්න වෙනම ඇල්බම් කොටහක්ම තියෙනවා”

ආදරය කරන කෙනාට දෙන්න වෙනම ඇල්බමුත් තියෙනවා කියලා දැන ගත්තෙත් අද නේ.

” මට පොඩ්ඩක් පෙන්නනවද “

මන් එහෙම කියද්දී කෙල්ල හිනා වුනා. ඔව් ඉතින් කලින් මන් නෑයි කියෙලා කිව්වේ මේ කෙල්ලට කොහොම කියන්නද මන් මයේ හාමු මහත්තයට දෙන්න ගන්ටෙ කියෙලා.

” සර් මේ කොටසෙයි අර කොටසෙයි දෙපැත්තෙම තියෙනවා. කෑමති එකක් තෝරලා ගන්න සර් “

මේ ටික හරි ලස්සනයි. මන් තෝරලා ගත්තේ මෙරුම් පාට කවරේ මුලට වෙන්ට තියෙන ලොකු හාට් දෙකක් එකට වෙච්ච එකක්.

” නිලූෂ නිලූ à·‚ “

” අ හා තරිඳු නිදි මතයි බ න් “

දේශනේ මට‍ හරියට අහගන්න වත් බැරි වුනේ මයේ ඇස් දෙකට ගල් ගෙඩි දෙකක් දාලා වගේ දැනුනු නිසා වෙද්දී මයෙ ඇස් පියවීගෙන ගියත් තරිඳුගෙ කටහඩ නිසා ආයේ ඇහැරුනා.

” නිදා ගන්න නම් එපා බන් . වෙන ඒවා වගේ නෙවෙයි මේ මිස්ට නම් තරහ යනවා නිදා ගත්තොත්. උබ නිදි කිරනවා මිසුත්  දැක්කා. ඊලගට විභාග වලට ලකුණු අඩු කරයි.”

මන් ආයේ පුටුවේ කෙලින් වෙලා ඉදගෙන මිස් ඔහේ කියවන ඒවා අහගෙන ඉදලා ඕනී වෙන තැන් කටු සටහනක්‌ දා ගත්තා.

” ස් ස් මල්ලි උබ පොඩ්ඩක් මෙහෙට ආවා නම්. ”

පොත් ටිකත් අරන් අනිත් දේශනේට යන්න ගියේ තරිඳුයි මායි කෑම එකත් කාලා.  ඒත් අපිට වැඩි දුරක් යන්න හම්බුන්නෑ අක්කලා ටිකක් අඩ ගැහුව නිසා අපි එයාලා ඉන්න තැනට ගියේ.

” උබට නෙවෙයි අයිසේ කතා කරේ මූට “

එකෙක් ඇවිල්ලා මට එහෙම කියද්දී තරිඳුටත් බැල්මක් දාලා මන් ගියේ ටිකක් එහාට්ට. මුන් කෙල්ලෝ කොල්ලෝ කියලා නෑ රැග් එක ඉවර වෙනකම් අපෙ ඇගට ගොඩ වෙන්න හදන්නේ යක්කු ටිකක් වගේ.

මන් හිතන්නේ උටත් රැග් කරනවා වගේ. එයාගේ මූණත් මැලවිලා තියෙනවා දකිද්දී මට‍ එහෙම්මයි හිතෙන්නේ.

” මොකෝ උබ මෙතැන “

” අහ් හා අයියේ මේ මයෙ යාලූවා එනකම් ඉන්නේ ”

මන් තරිඳු දිහා බලන් ඉද්දි එතැනින් යන්න ගියපු සිලූ අයියයි තව තුන් හතර දෙනෙකුයි මට‍ එදා රැග් දීපු අයියයි වෙද්දී එයාලයෙන් එක්කෙනෙක් මාව දැකලා එහෙම ඇහැව්වා.

” වරෙන්කො අපිත් එක්කලා යන්ට “

” අයියෙ මට ඊලගට දේශනයක් ත්.. “

මට‍ එදා රැග් කරපු අයියා එහෙම කියද්දී මට බැලුනේ තරිඳු දිහා.

” තෝ අපිට වඩා ලොකු ද ආ.. කෝ බල්ලො කට තොගේ “

” නෑ “

” වරෙන් යන්ට “

වෙන කරන්න දෙයක් නැති නිසා මන් ගියේ උන්ගේ පස්සෙන් වෙද්දී උන් ආවේ පරණ ලොකු ශාලාවකට.

” පලයන් ඇතුළට .   නෑ ටිකක් ඉන්න “

මයෙ ළගට ආපු ඒ අයියා කන්නාඩි දෙක මයෙ ඇස් වලින් අර ගත්තත් හරි මට‍ කේන්ති ගියා. මන් කැමති නෑ මයෙ හාමු අරන් දුන්නු ඒ දෙකට මොනවත්ම වෙනවට. එයා මට‍ ආසාවෙන් අරන් දුන්නු මුල්ම තෑග්ග වෙච්ච කොට මන් ඒ දෙකටත් හරි කෑදරයි .

” මොකෝ උබ ඔහොම බලන්නේ ආ. තොගේ අනිත් ඇහැත් වපර කරන්නද “

” අයියේ මයෙ කන්නාඩි දෙක දෙන්න “

” ඒ ඕක දීලා දාහන් බන්. මට‍ ඉක්මනට යන්නත් ඕනී “

සිලූ අයියා කලු තඩි අයියට එහෙම කිව්වත් ඒකා නෙවෙයි ගනන් ගත්තේ.

” මිහී කිව්වා උබට තුන වෙද්දී එතැන ඉන්න කියලනේ. උබ පලයන් එහෙනම් දැන්.  “

” ඕනීවට වඩා මොකුත් කරන්න යන්න එපා මන් යනවා තඩි “

සිලූ අයියා එහෙම කියෙලා යන්න යනකොට තඩි අයියා අනිත් තුන් දෙනාට හිනාවක් දුන්නා.

” උබට මේක නැතුව පේන්නෙම නැද්ද “

මට‍ මහ සිගරට් ගදක් ඒකා ළගින් එද්දි මන් ටිකක් පස්සට වුනත් හරි අනිත් තුන් දෙනත් මයෙ ළගට ආවා.

” උබ නම් සිගරට් එකක්වත් කටේ ගහලා නෑ වයේ නේද.. බලන්නකෝ හික්කෝ මුගේ තොල් දෙක. මයෙ කෙල්ලටවත් ඔහොම නෑ නේ “

” ම් මේ එදා මේකා කිව්වා නේද අපිට මෙයා කොල්ලොන්ට කැමති කියලා “

හික්කා කියන එකා එහෙම කියනකොට අනිත් තුන් දෙනාම හිනා වුනා වෙද්දී මට‍ තේරුනා මෙතන වැඩිය ඉන්න හොද නෑයි කියෙලා.

” අයියේ මට‍ පරක්කු වෙලා තියෙන්නේ “

 
” හරි යවන්නම් උබව. ඇතුළට පලයන් දැන් “

මට මෙතැන මොකක් හරිම දෙයක් වෙන්න යන්නේ කියෙලා හිතුනු නිසා මන් හැදුවේ එතැනින් පැන ගන්න වුණත් හික්කා කියෙන එකා මාව අතින් ඇදලා විහික්කා කරා වෙද්දී වැටෙන්න ගියපු මන් එතැන තිබ්බ ගහක් අල්ල ගත්තා වෙද්දී මයෙ අතත් එක්කලා තුවාල වුනේ ඒකෙ ඔතලා තිබ්බ කටු කම්බි නිසයි .  මයෙ කරගැට වල දිය පට්ට ටිකත් පිපිරිලා මුළු අතම දැවිල්ල ඇල්ලුවා.

” ඒ දැන් ඇති යමන් බන්. ”

” ම් පලයන් කෝ උබ එහෙනම් “

” මයෙ කන්නාඩි දෙක අ යියේ “

” හෙට ඉල්ල ගනින් අපෙන් ”

එහෙම කියෙලා උන් යන්න යනකොට මන් එතැන තිබ්බ ගලකටත් පයින් ගහලා ලේ ගලන අතත් හෝදන් ලේන්සුවකින් ගැට ගහලා යන්න ගියේ මයෙ කමිසෙත් හදා ගෙන. මයෙ මල්ලේ තිබ්බ ඔරලෝසුවෙන් වෙලාව බලද්දී හතරත් පහුවෙලා තියෙද්දි ආයේ මන් නෙවෙයි දේශනේට ගියේ. උන් කන්නාඩි දෙකත් මයෙ කුඩු කරයිද දන්නෑ. වැටෙන්න ගියපු පාරට මන් ගහ බදා ගත්තත් හරි මයෙ අතට වෙච්ච වින් හැයිය .

මන් පාරට ආවත් හරි වටපිට බැලුවේ බේබී හාමුගේ වාහනේ හොයන්න වුණත් දුර‍ පෙනුනේ මට‍ බොද වෙලා.  කමක් නෑ මන් මේ ඉස්සරහම හිටන් ඉද්දි බේබීට මාව හරි පෙනෙයිනේ.

විනාඩියෙන් විනාඩිය ගෙවිලා යද්දි මන් පාරේ අයිනේ ඔහේ හිටන් හිටියා. ඒත් මට වැඩි වෙලා යන්න කලින් මට‍ මතක් වුනේ මන් උදේ ගත්ත ඇල්බම් එක. ඒකටත් මොනා හරිම වෙලා තියෙයිද දන්නෑ කියලා හිත හිත මන් මයෙ නයි මල්ලට අත දාලා ගත්තේ ඇල්බම් එක.

              ……………………………..

මන් ඈත තියාම දැක්කේ මොකක්දෝ එකක් ළගට කර කර බලන් ඉන්න නිලූෂව.  මන් පාරේ අයිනේ වාහනේ නතර කරන් එයා වාහනේ දැකලා එනකම් මන් බලන් හිටියත් එයා පොත මල්ල අස්සටත් දාලා ඔහේ වටපිට බල බල හිටියා.

” පැටියෝ ඇතුළෙම ඉන්න ඕනී හොදද. අප්පච්චි අයියා එක්කම් එන්නම්කෝ “

පැටියගේ නළලත් ඉඹලා මන් පාර පැනලා නිලූෂගෙ ළගට ගියාමයි දැක්කේ එයාගේ ඒ ඇස් වල කන්නාඩි දෙක නෑයී කියලා.

” නිලූ à·‚ කෝ කන්නාඩි දෙක “

මන් එයාට කතා කරද්දි තමයි එයා මාව දැක්කේ. මයෙ නිලූෂගෙ මූණත් අමුතු වෙලා.  ඒ මදිවට අතත් ලේන්සුවකින් ඔතලා තියෙද්දි මන් ඒ අත අල්ලාගෙන බැලුවේ නිලූෂ දිහා.

” ඇයි මේ මොකක්ද වුනේ ආ “

” අත චුට්ටක් තුවාල වෙලා .  හා මූ මයෙ ඔලු à·€ රිදෙනවා “

ඇත්තටම එයා ඉන්නේ අමාරුවෙන් වගෙ තමයි. මුළු මූණම දාඩියෙන් පෙගිලා. එයා ළගට ගියපු මන් ඒ දාඩිය දාපු අත අල්ල ගත්තත් හරි එයා ගැස්සුනා. හප්පේ මාත් මෝඩයා වයේ අල්ල ගෙන තියෙන්නේ තුවාල වෙච්ච අතනේ.

“ 
ගොඩක් අමාරු ද යමු වාහනේට “

මන් එයාව වාහනේට එක්ක ආවත් හරි එයා ෂීට් එකට ඔලුව තියන් ඇස් පියා ගත්තා.

” ඉස්පිරිතාලේට ය මුද ම් “

” එපා බේබී ටිකකින් හරියයි ”

මයෙ ෂීට් එකේ හිටපු පැටියව පිටිපස්සෙන් තියෙලා ඉස්සරහින් නැග්ග මන් වාහනේ පාරට දාලා කෙලින්ම ගියේ ඉස්පිරිතාලේට.  වාහනේ නතර කරලා නිලූෂ දිහා බලද්දී එයාගේ ඇස් පියවිලා ගිහිල්ලා තිබ්බා වෙද්දී මන් එයාට කතා කරා.

” බ් බේබී ආ වද “

බාගෙට ඇස් ඇරපු එයා කෙලින් වෙලා බහින්න හදද්දීයි දැක්කේ එයා ආවේ ඉස්පිරිතාලේ කියෙලා.

” යමු නිලූෂ.  “

” ඇයි කරදර වෙන්නේ ආ… ටිකකින් ඇරිලා යයිනේ හාමු. “

” කට වහ ගන්න නිලූෂ. මූණ බලද්දී තේරෙනවා ඉන්නෙත් අමාරුවෙන් කියෙලා. එනවා පණ්ඩිතකම් කියවන්න
මෙතැන අතත් තුවාල කරන්. මට‍ පස්සේ හරි වෙච්ච දේ කියන්න නිලූෂ “

නුරාදත් වඩා ගෙන අනිත් අතින් නිලූෂවත් හයියෙන් අල්ලාගෙන මන් ගියේ ඩොක්ට ළගට.

” මේ බෙහෙත් ටික බොන්න. දවස් තුන හතරක්‌ වෙනකම් මහන්සි නොවී විවේකයෙන් ඉන්න. අතනින් බෙහෙත් දා ගන්න .  අතේ නම් වතුර ගෑවෙන්න දෙන්නවත් එපා. එහෙම වුනොත් පැසවයි “

” හරි ඩොක්ට ස්තුති. ”

නිලූෂගේ අතත් සුද්ද කරලා අතට බෙහෙත් කරද්දි එයා කටත් තද කරන් ඇස් පියා ගෙන හිටියා වෙද්දී ඒක දැකපු මයෙ පැටියත් බය වෙලා මයෙ ළගටම වෙලා හිටියා.

” ඔන්න දග කරන් තුවාල කර ගත්තොත් පැටියටත් ඔහොම තමයි බේත් දාන්නේ හොදද “

” නා.. “

” නෑ නෙවෙයි බෙහෙතුත් විදිනවා “

කොල්ලා මයෙ දිහා ඇසුත් ලොකු කරන් බලන් ඉදලා ආයේ නිලූෂ දිහා බැලුවේ මූණත් බෙරි කරන්.

අවට කරුවල වෙලා තියෙද්දි අප්පච්චි ඉස්සරහ මිදුලේ ඔන්චිලලාවට වෙලා බලන් හිටියේ මන් අද ගොඩක් පරක්කු වෙලා වලව්වට ආපු නිසා වෙන්නැති.

වාහනේ නතර කරත් හරි නුරාද එයාගේ චූටි බෑග් එක ගන්නෙ වත් නැතුව දුවන්න ලෑස්ති වුණත් මන් පැටියට කතා කරලා එයාගේ බෑග් එක පෙන්නුවට පස්සේ ආයේ වාහනේ දොරත් ඇරන් බෑග්ගේ පිටේ දාන් එක අතකින් යට කොටසත් මිරිකන් උඩ පැන පැන දිව්වා රේස් එකේ. හප්පේ පැටියට ගොඩක් චූ බර හැදිලා වගෙ.

” ඇයි හාමු නුරාදට අඩ ගහලා බෑග් එක ගන්න කිව්වේ . මන් හරි ඕක ගන්නවනේ. පව් පැටියට චූ බර හැදිලා හොදටම “

” මන් දන්නවා ඈ එයාට හැදිලා තියෙන බර. අනික එයා දැන් එයාගේ චූටි චූටි වැඩ තනියම කර ගන්න පුරුදු වෙන්න ඕනී නිලූෂ . නැත්තම් හැමදාම මයෙ අස්සටම වෙලා පොඩි එකා වගෙ හුරතලේට හැදෙයි. “

” මන් නම් කැමති පැටියා මයෙ අස්සේ හුරතලේටම හැදෙනව නම්. “

මයෙ නිලූෂත් කියන කතා ඇත්තට.

” එහෙම බෑ මයෙ නිලූෂ. එයා ලොකු වෙන්න ලොකු වෙන්න ශක්තිමත් මනුස්සයෙක් වෙන්න ඕනී. හැමදාම අපි දෙන්නට එයා ළගම ඉන්න බැරි වෙන්න වුණත් පුළුවන් නේ නේද ම්. ඉස්සරහට මොනවයින් මොනවා වෙයිද කියෙලා කව්ද දන්නේ “

මයෙන් ලොකු හුස්මක්‌ පිටවෙද්දි එයා කළේ මයෙ අතත් අල්ලන් බලන් හිටපු එක වෙද්දී මන් එයාට හිනාවක් දීලා වාහනෙන් බැස්සත් හරි ඒත් එක්කම අපි ළගට ආවේ අප්පච්චි.

” මොකෑ පොඩි උබ ඔය හැටියට පරක්කු. අනික මේකා මොකද උබෙ වාහනේ ලැගන් කරන්නේ “

” අප්පච්චි මෙයාගේ අත තුවාල වෙලා. බෙහෙත් දාන්න ඉස්පිරිතාලේ ගියපු නිසයි වෙලා ගියේ “

” උබට කොහොමද මේකා හම්බුනේ. කැම්පස් නේ ගියේ මේකා “

අප්පච්චිත් වාහනෙන් එළියට ආපු නිලූෂ දිහා බලන් එහෙම කියද්දී එයා කරේ මටත් බැල්මක් දීලා බිම බලා ගත්තු එක.

” මන් හන්දියේ පැත්තට යද්දියි මෙයා ඉන්නවා දැකලා එක්ක ආවේ අප්පච්චි. මට‍ බඩගිනි ගොඩක් යන්නම් “

අප්පච්චිට යන්නම් කියෙලා මන් එන්න ආවේ නිලූෂත් මා එක්කලා ඇතුළට එද්දි. කෙලින්ම එයාගේ කාමරේට ගියපු මන් එයාගේ සරමයි කමිසෙයි අතට ගත්තේ එයත් මන් දිහා ගල් වෙලා බලන් ඉද්දි.

” හා මු මොකෝ ම් මයෙ ඇදුම් අර ගත්තෙ “

” යන් මයෙ කාමරින් අත පය හොදමු එන්න ඔය මල්ල තියෙලා “

මායි නිලූෂයි කාමරේට යද්දි පැටියා නාන කාමරේ තාම ඇග හෝද හෝද ඉන්නවා. කොල්ලා චූ කරන්නත් කලින් කලිසමේම යන්න ඇති.

” මන් නුරාදව බලලා එනකම් ඔයත් ඉදන් ඉන්න ඔතනින්. මන් ඇවිල්ලා ඇදුම් මාරු කරන්නම් “

” මයෙ එක අතක් විතරයි තුවාල හාමු. මේ වැඩ මට‍ කර ගන්න පුළුවන් තනියම ”

එයා මයෙ මූණට පාත් වෙලා හිනා වෙවී එහෙම කියද්දී මන් ඒ තොල් වලට නැඹුරු වුනේ එයත් අනිත් අතෙන් මයෙ ඉනත් අල්ලන් තුරුල් කරන් මාව ආපිට සිප ගනිද්දී.   හුස්ම ගන්න අමාරු වෙනකොට තමයි මන් වැඩේ නතර කරලා හයියෙන් හුස්ම ගන්න ගමන් ඒ ඇස් දිහා බැලුවෙ .  ඒ ඇස් මයෙ මූණ පුරා දුවලා එයා මයෙ නළලට සිපුමක් තියෙලා මයෙ ඉන වටේ තිබ්බ අත පහළට දා ගත්තා.

” පැටියව බලන්න “

එයා එහෙම කියද්දියි මට‍ මතක් වුනේ නුරාද තාම ඇතුළේ කියලා.

” ආ හරි හරි.  “

මන් ඇතුළට යද්දි තාම කොල්ලා ඇග හෝදනවා. මාව දැකපු කොල්ලා සබන් කෑල්ලත් අරන් එද්දි මන් එයාව වාඩි කරන් සබන් ගාවලා ඇගත් හෝදලා තෙත පිටින්ම ඇද ළගට එක්ක ගියේ පැටියා තුවායවත් අරන් තිබ්බේ නැති නිසයි. 

” මොකෝ මේ චන්ඩි පැටියා හිලිකුට්ටෙන් ඉන්නේ..  ඉකේ ලොකු කොල්ලෙක් නේද ආ  “

” විහිළු කරන්න එපා නිලූෂ “

නිලූෂගෙ විහිළු වලට කොල්ලා කරේ මයෙ අස්සට මූණ ඔබා ගත්ත එක වෙද්දී එයාව ඇදෙන් තියාපු මන් තුවායත් අරන් පිහ දැම්මා.

” හාමු එන්න ඕන්නෑ ඇතුළට මන් ත.. “

” මන් දැන් ඔයාගේ දැකලා නැති අමුතු තැනක් තියෙනවද කියන්නකෝ ආ… මෙන්න මෙහෙ එන්න විකාර කරන්නැතුව නිලූෂ ”

එයාට කලින් ඉස්සර වුනු මන් ඇදුම් ටිකත් පැත්තකින් තියෙලා බේසමට වතුර පිරෙන්න තිබ්බා වෙද්දී ඇතුළට ආපු එයා කමිසේ බොත්තම් එකින් එක ගැලෙව්වේ පස්සේ මාත් ඒකට හවුල් වෙද්දි.

” ඕවා තියන්න හාමු මන් හෝදන්නම්.”

මමත් මයෙ ඇදුම් ඔක්කොම ගලවලා හෝදන කුඩු වලට පෙගෙන්න දාලා බිම තිබ්බ එයාගේ ඇදුමුත් ඒකටම පෙගෙන්න දැම්මා.

” ඔයා ඔතනින් ඉද ගන්න. දික් දණ්ඩා වගෙ මයෙ අලි පැටියා ඔහොම ඉද්දි මන් කොහොමද ඇගට වතුර වක් කරන්නේ ආ ”

එයාගේ කන ළගටම වෙලා එහෙම මන් කෙදිරුවත් හරි එයා මයෙ ළගින් ඉද ගත්තා.  වතුර කෝප්ප ඇගට එක දෙක වක් කරේ එයාගේ තුවාල වෙච්ච අතට වතුර පොඩ්ඩක් වත් යන්නැති විදිහට.

” බ් බේබී හා මු “

සබන් කෑල්ල අරන් ඒ ඇගේ උඩ ඉදන් පහළට උලාගෙන යද්දි මයෙ දැහැන බිදුනේ එයාගේ කටහඩට. එතකම් මන් බලන් හිටියේ සබන් ගගා එයාගේ ඉස්සරට වඩා පිරිලා තියෙන ඒ ඇග දිහා.

” ඇයි නිලූෂ “

” මට සතුටුයි මයෙ බේබී හාමු මන් වෙනුවෙන් මෙහෙම දේවල් කරනවට. වෙනදට ඉතින් ලෙඩක් දුකක් වෙද්දී අපිට ඉන්නේ අපිම විතරයි බේබී හාමු.
ඒ වෙලාවට මයේම කියලා කවුරුම හරි ඉන්නවා නම් කියෙලා හිතුනු වාර මට‍ මෙච්චරයි කියෙලා කියන්න බෑ හාමු. දැන් මට‍ මයේම කියලා හොද හාමු මහත්තයෙක් ඉන්නවා කියෙලා දැනෙද්දී මට‍ සතුටුයි ගොඩක් මයෙ බේබි. “

ඒ දිලිහෙන ඇස් මයෙ ඇස් දිහාම බලන් එහෙම කියලා හිනා වෙද්දී මන් ආයෙම සබන් ගාලා ඇගට වතුර වක් කරන්න පටන් ගත්තා.

” මයෙ නිලූෂ මාත් දැන් මයෙ මේ කොලූ පැටියට ඇබ්බැහි වෙලා.  මොනා වුණත් නැත්තත් මා එක්කලාම ඉන්න නිලූෂ . මාව අයින් කරලා ය… “

” මන් මයෙ හාමු මහත්තයයි පොඩි එකාවයි දාලා කොහේ යන්නද ආ.. බේබීයි නුරාදයි ඉන්නේ කොහේද මාත් එතැන. ඔය දෙන්නටම මන් බැදිලා ඉවරයි නේ මයෙ හාමු  “

මන් ඒ කමිස බොත්තම් ටික දදා එහෙම කියා ගෙන යද්දි නිලූෂ කිව්ව දේ එක්කලා මට‍ ඒ මූණ දිහා බැලුනත් එයා ලාවට හිනා වෙලා බලන් හිටියේ පුටුවේ ඉදගෙන මන් ගෙනාපු යෝගට් එකක් කකා අපෙ පැත්තම බලන් හිනා වෙවී ඉන්න මයෙ පැටියා දිහා.

         …………………………………

” මයෙ දෙයියනේ අයියේ මොකෑ මේ අත ආ “

මන් කුස්සියේ පැත්තට වතුර ටිකක් තොල ගාන්න යද්දි දැක්කේ කමනි නැන්දව එක්ක යන්න ආපු නිර්මාල් වෙද්දී එයා මයෙ අත දැකලා ඉහිලුවා.

” පොඩි තුවාලයක් නිර්මාල්. ටික දවසක් යද්දි අඩු වෙයි ඕක “

” දැන් බෙහෙත් දා ගත්තද ඕකට අයියේ “

ළගට ආපු එයා මයෙ අත බලලා එහෙම ඇහැව්වේ මන් ඒ අල්ලන් ඉන්න අත් වලින් මයෙ අතත් ඇදලා ගනිද්දී.

” මන් තව රෑ වෙලා නිදා ගන්න යද්දි දා ගන්නම් මල්ලි “

” ඔයා කොහොමද අයියේ තනියම බෙහෙත් දා ගන්නෙ යමු කාමරේට මන් බෙහෙත් දාන්නම්. අම්මත් ලොකු මැණිකේ එක්කලා කතාවක ඉන්නේ. අනික මේ වලව්වේ ඔයා ගැන බලන්න කව්ද ඉන්නේ කියන්නකෝ “

” න් නෑ නෑ මල්ලි ඕනී නෑ මන් දා ගන්.. “

මන් එහෙම කියන් යද්දි එයා මාව කාමරේට එක්ක යන්න හැදුවත් මන් ආයේ පාරක් අත ඇදලා ගත්තේ මට‍ මේ පොඩි එකා ගැන කේන්තියක් එද්දි.

” අයියේ මොකද ඔයා ඔහොම…..මන් ඕකට බෙහෙත් දාන්නම්. “

” මන් එයාට බෙහෙත් දාන්නම් දරුවෝ .  ඔයා පොඩ්ඩක් වත් බය වෙන්න කරදර වෙන්න ඕන්නෑ.  මේ වලව්වේ මෙයා තනිවෙලා නෑ කොයිම වේලාවෙ වත්. මන් බලා ගන්නම් මෙයාව “

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ගිහිල්ල එන්නම් යාලූලා 💗💗🤗

කටු ඉඹුලත් දාන නිසා මේ කතාවේ අප්ඩේට් දෙන්න ටිකක් පරක්කු වෙනවා.  මන් කතා දෙකම මාරුවෙන් මාරුවට දාන්නේ. 😊😊

බුදුසරණයි යාලූලා හැමෝටම 🙏🙏

වෝට් වලට ගොඩක් ගොඩක් ස්තුතියි 🙏💞  අදහස් වලටත් ඉස්තුතියි🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

                 ………………..

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිහතරවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිහතරවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිහතරවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිහතරවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිහතරවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිහතරවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 25